බංග්ලාදේශයේ සති කිහිපයක් පුරා පැවති උණුසුම් දේශපාලන වටපිටාව මේ වනවිට ගැටුම් දක්වා වර්ධනය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එබැවින් එළඹෙන ජනවාරි මාසයේ පැවැත්වෙන මහ මැතිවරණයට පෙර රට තුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව පෙනී යන බව විචාරකයෝ පවසති. පසුගිය ඉරිදා විපක්ෂයේ ප්‍රධාන දේශපාලනඥයින් කිහිපදෙනෙක්ව අත්අඩංගුවට ගැනුණු අතර සෙනසුරාදා රජයට එරෙහිව පැවති දේශපාලන රැළියක් ගැටුමකින් කෙළවර විය.එහිදී විපක්ෂයේ ආධාරකරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්විය. එරට අග්‍රාමාත්‍යවරිය වන ෂෙයික් හසීනාට ඉවත්වන ලෙස බලකරමින් ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ් ජාතික පක්ෂය විරෝධතා උත්සන්න කර තිබේ. විපක්ෂය පවසන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් අගමැතිවරියගේ රජය යටතේ බලාපොරොත්තු විය නොහැකි බවයි. නමුත් හසීනා නායකත්වය දරන අවාමි ලීගය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි.