මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ද්විපාර්ශ්වික හමුවක් පවත්වා තිබෙනවා.
ඒ අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඉන්දියානු රජය විසින් ප්රදානය කරනු ලබන ඩොලර් මිලියන 15ක ආධාර යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ ද්විපාර්ශ්වික ලේඛන හුවමාරු කරගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එම හමුව සඳහා ඉන්දියාවේ මෙරට මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සහ මෙරටට පැමිණ සිටින ඉන්දීය නියෝජිත පිරිස සහභාගී වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.