ව්යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය, ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බව කොළඹ මහේස්ත්රාත් අධිකරණය තීන්දු කර තිබෙනවා.
ඒ අනුව මෙම සිද්ධිය අපරාධයක් බවට තීන්දු කළ මහේස්ත්රාත්වරිය ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.