මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සහ මාධ්‍ය භාවිතය, දේශපාලන පක්ෂ ලියාපදිංචිය ඇතුළු කරුණු කිහිපයක් විමර්ශනය සහ පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවට තවත් කොමසාරිස්වරයෙකු පත් කර තිබෙනවා.
ඒ අනුව එම කාර්යය කඩිනමින් සහ කාර්යක්ෂමව සපුරාලීම සඳහා ඇලන් කාමයිකල් වියර් ඩේවිඩ් මහතා කොමිසමේ කොමසාරිස්වරයෙකු ලෙස පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
විශ්‍රාමික අග විනිසුරු, ජනාධිපති නීතිඥ ප්රියසත් ඩෙප් මහතාගේ සභාපතීත්වයෙන් යුතු අදාළ කොමිෂන් සභාව පසුගිය ඔක්තෝබර් 16 වනදා පත් කර තිබුණා.
ඊයේ නිකුත් කළ නව ගැසට් නිවේදනය මගින් කොමිෂන් සභාවේ විෂය ක්ෂේත්රය තවදුරටත් පුළුල් කර ඇති බවයි එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
අදාළ ගැසට් නිවේදනය පහතින්.