සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා ඉදිරි අයවැයේදී බැංකු ණය සහන ලබාදීමට අදහස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (01) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2023 අමතමිනි.
වැට් බද්ද 18%කින් වැඩි කිරීමට ගත් තීන්දුව තමා හෝ ඇමති මණ්ඩලය කැමැත්තෙන් ගනු ලැබූවක් නොවන බවත්, එය රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු තීන්දුවක් බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා නායකත්වය යනු ජනතාවට සත්‍ය පහදා දී රට වෙනුවෙන් නිවැරදි තීරණ ගැනීම බවද කියා සිටියේය.
කෙසේ වුවද රට වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ ගැනීමට තරුණ නායකත්වය ද පුරුදු පුහුණු විය බවත් රට වෙනුවෙන් වැඩකළ හැකි තරුණ අමාත්‍යවරුන් පිරිසක් අද ආණ්ඩුවේ කටයුතු කරන බවත් පැවසු ජනාධිපතිවරයා ඔවුන් සමඟ එක්ව 2024 වන විට මීට වඩා යහපත් ආර්ථික තත්ත්වයක් රට තුළ ඇති කිරීමට කටයුතු කරන බවද පැවසීය.
තවද ඉදිරි අය වැයේ දී කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බැංකු ණය සහන ලබාදීම පිළිබඳ ප්‍රකාශයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.