ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා සාමාජිකයන් 7 දෙනෙකුගෙන් යුත් අතුරු පාලක කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.
අර්ජුන රණතුංගගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන S.I. ඉමාම්, රෝහිනී මාරසිංහ, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඉරංගනී පෙරේරා, උපාලි ධර්මදාස, නීතීඥ රකිත රාජපක්ෂ සහ හිෂාම් ජමල්දීන් පත්කර ඇති බවයි සඳහන් වන්නේ.
ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස 1973 අංක 25 දරණ ක්‍රීඩා පනත මඟින් අමාත්‍යවරයා වෙත ලැබී ඇති බලතල මත මෙම අතුරු කමිටුව පත් කර තිබෙනවා.