දිවයින පුරා රජයේ රෝහල් ආවරණය කරමින් පළාත් මට්ටමින් සංකේත වැඩ වර්ජනයක් අද (02) සිට ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව අද දිනයේ ඌව පළාතේ සියලුම රජයේ රෝහල්වල පැය 24 ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක බවයි එහි මාධ්‍ය ප්‍රකාශක ද්‍යෛ චමිල් විජේසිංහ සඳහන් කළේ.
කෙසේ නමුත් වැඩවර්ජනය ක්‍රියාත්මක වුවද ඌව පළාතේ හදිසි ප්‍රතිකාර සේවා පවත්වාගෙන යන බවත් මාතෘ රෝහල්, පිළිකා රෝහල්වල සහ ළමා රෝහල්වල වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.